සෙල්ලකතරගම වෙඩි තැබීමකින් අයෙකු මරුට
සෙල්ලකතරගම ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය පවසයි.
වෙඩි තබා පලාගිය සැකකරුවන් පිළිබද තොරතුරු ලැබෙමින් පවතින බව ද පොලීසිය සඳහන් කළේය.
ඔවුන් අත්අඩංගුවට ගැනිමට විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවසක් පිටුපස දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් වෙඩි තැබිම සිදුව ඇති බව ය.
මේ සම්බන්ධයෙන් අදාළ නිවසෙහි හිමිකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව පොලීසිය සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු තවත් අයෙකු ශල්‍යකර්මයකට ලක් කර තිබේ.
වෙඩි තැබීම සිදුවූ ස්ථානය පොලිස් නිල සුනඛයින් යොදා පරීක්ෂා කිරිමට නියමිත ය.
ඊයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදුණු කතරගම පොලිසියේ නිලධාරීන් පිරිසකට මෙම වෙඩි තැබීම පිළිබඳව තොරතුරු ලැබී තිබුණි.
අදාළ ස්ථානයට යන විටත් එම ස්ථානයේ පුද්ගලයෙකු මියගොස් සිටි බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
ඝාතනයට ලක්ව ඇත්තේ, සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි ජයසිංහ සමන්ත නැමැති 36 හැවිරිදි අයෙකි.

Reviewed by Unknown
on
10:18 AM
Rating:
![සෙල්ලකතරගම වෙඩි තැබීමකින් අයෙකු මරුට](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_TKrQEC5f1SHl9mjdaUNLq3j0_oXG3BCfYOGsNjy5ZyLgneAsaM0z94ULHKypGV2FsT__v8yYmSs7qOAlJ_0mgHQqhh5UAlEjV-gkLtTkzyXx0UBgq2XR24ne82IgSjAyQhyphenhyphennDczjeVQY/s72-c/635609046499134700-Police-crime-scene-tape.jpg)