ධම්මික සහ ඉෂාන්ත් අතර පිටිය මැද උණුසුම් යුද්ධයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි තරගයේ අවසන් දිනය අදයි. සිව්වැනි දිනයට ඊයේ (31) දිනයේ තරගය පැවැත්වෙන අතරතුර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. මෙය මුලින්ම ආරම්භ වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි රංගන හේරත් සහ ඉෂාන්ත් ශර්මා අතරයි.
එතැන් පටන් ආරම්භ වූ මෙම වචන හුවමාරුව ඊයේ දිනයේ දැඩි උණුසුම් තත්ත්වයක් ලෙස පැතිරගියා. එහි එක් අවස්ථාවක් වූයේ ඉශාන්ත් ශර්මා රවිචන්ද්‍රන් අශ්වින් පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවකදී ප්‍රසාද් හා ශර්මා අතර තරමක උණුසුම් වචන හුවමාරුවක් ආරම්භවීමයි. එම අවස්ථාවේදී දිනේෂ් චන්දිමාල් ද ඊට මැදිහත්වීම විශේෂත්වයක්. ඉශාන්ත් ශර්මා මේ වන විටත් තරගාවලියේ නීතිවලට පටහැනිව හැසිරීම නිසා දඩයකට යටත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවන සෑම අවස්ථාවකදීම ශර්මා තම හිසට අතින් තට්ටු කරමින් යම්කිසි දෙයක් ධම්මික ප්‍රසාද්ට කිහිපවරක්ම පෙන්වා තිබෙනවා.

එම උණුසුම් අවස්ථාව පහතින් නරඹන්න.......



ධම්මික සහ ඉෂාන්ත් අතර පිටිය මැද උණුසුම් යුද්ධයක් ධම්මික සහ ඉෂාන්ත් අතර පිටිය මැද උණුසුම් යුද්ධයක් Reviewed by Unknown on 8:47 AM Rating: 5
Powered by Blogger.