චන්ද්‍රිකාට බෝම්බ ගැසීමට ආධාර කළ දෙදෙනා අවුරුදු 590ක්‌ හිරේ

කොළඹ නගර සභා පිටියේ පැවැති 1999 ජනාධිපතිවරණ රැස්‌වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකාරියක යොදවා ඝාතනය කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවන්ට වැරදිකරුවන්වූ චූදිතයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මහත්මිය ඊයේ (30දා) වසර 590 ක සිරදඬුවමක්‌ නියම කළාය.චෝදනා 110 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විභාගයකට අදාළව වැරදිකරුවන් වී මෙසේ සිර දඬුවම් නියම වූයේ වේලායුධන් වර්ධරාජා හා චන්ද්‍රා අයියර් රගුපති යන චූදිතයන් දෙදෙනාටයි.

මෙහි සිව් වැනි විත්තිකාරිය වූ චනද්‍රා අයියර් රගුපතිගේ බිරිය වන වසන්ති රගුපති නමැත්තිය ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති හෙයින් නිදොස්‌ කොට නිදහස්‌ කර හරින ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.

1999 දෙසැම්බර් 18 දින කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මරාගෙන මැරෙන බෝම්බකාරියක යොදවා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යෑයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙහි චෝදනා ගොනු කර තිබිණි.

පළමු හා තෙවැනි විත්තිකරුවන් දෙදෙනාට එරෙහි ගොනු කර තිබූ චෝදනා පැමිණිල්ල මගින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළ විනිසුරුවරිය පළමු චූදිතට වසර 290 ක හා තෙවැනි විත්තිකරුට වසර 300 ක සිර දඬුවම් නියම කරමින් එම සිරදඬුවම් වසර 30 කින් එකවර ගෙවී යන පරිදි නියම කරන ලෙසට නියෝග කළාය.

මෙහි දෙවැනි විත්තිකරුට වරද පිළිගැනීම මත මීට පෙර වසර 30 ක සිරදඬුවමක්‌ පනවනු ලැබුවේය.
චන්ද්‍රිකාට බෝම්බ ගැසීමට ආධාර කළ දෙදෙනා අවුරුදු 590ක්‌ හිරේ චන්ද්‍රිකාට බෝම්බ ගැසීමට ආධාර කළ දෙදෙනා අවුරුදු 590ක්‌ හිරේ Reviewed by Unknown on 11:16 PM Rating: 5
Powered by Blogger.