තිරිඟු පිටි මිල වැඩි කිරීමට සාපේක්‍ෂව පාන් ගෙඩියක මිල අද (22 දා) සිට රුපියල් හතරකින් වැඩි කර තිබේ.
රජයේ බදු වැඩි කිරීම නිසා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.20 කින් ඉහළ ගොස් තිබේ.
එම නිසා පාන් ගෙඩියක මිල රුපියල් හතරකින් වැඩි කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.