මහනාහිමි ආදාහන පූජෝත්සවය සිදු කරන ඉරිදා ශෝක දිනයක්‌

අති පුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්‌සි සියම් මහ නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරනු ලබන ඉරිදා (13 වැනිදා) රජයේ ශෝක දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඡේ. ඡේ. රත්නසිරි මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය ඊයේ (10 වැනිදා) සවස නිකුත් කර තිබේ. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ සියලු සුරාසල් සහ මත්ස්‍ය අලෙවිසල් එදින වසා තබන ලෙසද එම චක්‍රලේඛය මගින් උපදෙස්‌ දී ඇත. ඊට අමතරව එදින විශේෂ සංදර්ශන නොපවත්වන ලෙසද දන්වා තිබේ.
මහනාහිමි ආදාහන පූජෝත්සවය සිදු කරන ඉරිදා ශෝක දිනයක්‌ මහනාහිමි ආදාහන පූජෝත්සවය සිදු කරන ඉරිදා ශෝක දිනයක්‌ Reviewed by Unknown on 11:56 PM Rating: 5
Powered by Blogger.